එහෙම අයටත් දෙව් ලොවට යන්න පුලුවන්

එහෙම අයටත් දෙව් ලොවට යන්න පුලුවන්
-----------------------------------------------------------------------
උඹේ ළය මත හති ඇරපු උන් ගියේ කලිසං කෝට් ඇඳලා...
පත්තරේ මැද පිටුවේ තිබ්බේ මැරුණු උඹෙ වස්තරෙත් හලලා...
-----------------------------------------------------------------------
අම්මේ අම්මේ කියල කිවුවත් නැගිට්ටේ නෑ නේද කියලා..
ඇහෙන් කඳුලැලි බිමට පැන්නම නිවන්නට නෑ කෙනෙක් ඉබලා..
උබට කිසි අයිතියක් නෑ මෙහි කොවුල් සිත් රිදුනේම අඬලා..
පොලිස් ඇහකත් කඳුලු තිබුණා පුංචි තරිඳුගෙ මූණ දැකලා..
හෙටත් දවසක් නැගිටපන් පුත අම්ම ගැන උන් කතා හදලා..
කරන්නම වෙන දෙයක් නැති තැන උබව නොපෙනෙන දුරට ඇදිලා..
කොහොම ලිවුවත් කමක් නෑ බං කතන්දර නං ඔහොම ගොතලා
ඉරුනු තැන් වත් වැහුවෙ නෑ උන් පුංචි උබ අමතකම කරලා
දෙවියන්ට බැරි තැනුත් තියෙනවා බලන්නට ඔය හැටිම එබිලා
එහෙම තැන් වල හිටිය කියලා ඇඬුව ඇති දැන් දෑස් පියලා
තවත් පාරක් එබිලා බලපන් අම්මගේ ඇස් තදට වැහිලා
ඒත් උබ ගැන බලන් ඉන්නවා දෙව් ලොවේ දොරකඩින් එබිලා

 

Comments