රාත්‍රිය නිසලයි සසල අපි විතරයි


 රාත්රිය නිසලයි සසල අපි විතරයි

හදවතේ සුසුම් පොදි බඳිනවා
හැර ගියොත් යලි එන්න එපා කිවුවැයි කියා
හිමිදිරිය තවම ඉකිගහනවා
නැවතුමක් නැති නිසා නවතින්න බැරි නිසා
දුම්රියක් හූ කියා දුවනවා
කටු ඉපල් මත පිපුණු මල් කිනිත්තක් පවා
ඉඩෝරය හෙමින් විත් සිඹ්නවා
එකම හීනෙක එතී ආපු දුර බර වැඩී
ඒ උනත් ඒ සුවඳ වටිනවා
ආයේ පාරක් හැරී බැලුවොතින් තව වරක්
ආදරේ කරපු බව දැනෙනවා

Comments